ආයෙමත් ඇවිදින් !

අවුරුදු දෙකකට විතර පස්සේ ආයිත් ලියන්න ගත්තා. අහේතුක විරාමයට යන්න හිතල නෙමේ කලින් පටන් ගත්තේ ඒත් විවිධාකාර විෂමාකාර දේවල් එක්ක අපිටත් නොදැනීම විරාම ගන්න සිද්ද වෙලා.

ජීවිතේ හරියට ගලාගෙන යන ගගක් වගේ , මහ වැස්සට මඩ පාටින් බොර වෙන ඉඩොරේදී වේලිලා හිදෙන අනුන්ගේ උවමනාවට ඒ මේ අත පෙරලෙන, හුස්මක් ගන්නත් කලින් මහ මුහුදට වැටිලා නවතින ගගත් ජීවිතය වගේ නැද්ද?

මුහුද දකින්න කලින් මම ආවා හිතේ හිරවෙච්ච දේවල් ගගට දාල හිත නිදහස් කර ගන්න.

ජීවිතේ අපි ආස කරන අපි ප්‍රාර්ථනා කරන අපි හීන දකින දේවල් කොච්චරක් ඇතිද ? එත් ඇත්තට ඒ හීන පස්සේ හබාගෙන ගිහින් හීන හැබෑ කරගන්නේ කීදෙනාද ? අපි අනුන්ගේ හීන ඇතුලේ හිර වෙලා නිදහස් වෙන දවසක් දන්නේ නැතුව , තටු කපපු කුරුල්ලෙක් වගේ ඉගිලෙන්න ආස නිදහසේ. ඌ අහස දිහා බලල හුල්ලනවා විතරයි. ඒත් ඌට හිතෙන්නේ නෑ අහස අහිමි බව ලැබෙන දේ බලා ඉන්නවා මිසක. අන්තිමට ඌ කූඩුවෙම මැරිලා අහස ගැන පසුතැවිල්ලකුත් එක්ක.

ජීවිතය දකින්න විදින්න ඈත දුර බැහැර යනවට වඩා මේ මොහොත විදිනවද විදවනවද බලන්න. තමන්ගේ හීන උකස් කරලා අනුන්ගේ හීන වල හිරවෙලාද බලන්න. විලංගු වලින් මිදිලා එලියට ඇවිදින් සීතල අහස දිහා බලන්න. මූනට වැටෙන පිනි කැට ගනින්න. හැමදේම හුළගේ පා කරලා මොහොතකට හිනා වෙන්න.

 

නොනිදා පහන් කරන හිත් වලට නිශාචර ආයෙමත් ඇවිදින් !

Wallpapers 1280x720

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s