මල් පෙරහැර බැලීම

රස මතකයක් ආපහු මතක් කරන්නයි මේ ලෑස්තිය. තාමත් රේඩියෝ එකට කන් දෙන්න ආස හින්දා ටික දවසකට කලින් සිත fm එකේ මතක පද වැඩසටහන අහන්න ලැබුණා. ඒ දවසේ ඇවිල්ලා තිබ්බේ උපුල් ශාන්ත සන්නස්ගල. කොහොමත් මිනිහගේ පණ්ඩිත කතා අහන්න ආස හින්දා වගේම, එයා තෝරන සින්දු වල මතකයන් අපූරු වෙයි කියල හිතුන හින්දා බොහොම ආසාවෙන් හරිබරි ගැහිලා ඒ වැඩසටහන ඇහුවා. වැඩසටහන නියමෙටම යද්දී එයා එක මතක පදයකට තෝර ගත්තේ මමත් බොහොම ආස කල සංගීත් විජේසූරියගේ මල් පෙරහැර සින්දුව.
සන්නා A/L කරන්න තර්ස්ටන් එකට තමයි ගිහින් තියන්නේ. හවසට විශාකා එක ඇරිලා කෙල්ලෝ යන හැටි මිනිහා හරි අපූරුවට මතක් කරනවා. තාමත් මිනිහට විශාකා ටයි එකක් දැක්කම හිත නලියනවාලූ. මල් පෙරහැර වගේ එන, හිත ඇතුලෙන් පන්තේරු නැටුම් නටන මේ සින්දුවට මිනිහ නම් පට්ටම ආසලු.
ඕක ඔහොම අහද්දී අප්පටසිරි කියලා මට මතක් උනේ මගේ සහ අපේ සුන්දර A/L කාලය. පිස්සුම ආතල් ගත්ත සිය ගණන් මල් පෙරහැරවල් බලලා පැත්තකට වෙලා මනෝ පාරක් ගහපු ඒ කාලේ මතක් කරන්නත් ආසයි. අපේ කොල්ලෝ හම්බුනාම නම් ඕවා අගේට මතක් කරනවා බඩ පැලෙන්න හිනා වෙවී. මේක ලියන්නේ ලගදි එහෙම සෙට් වෙන්න නොලැබුනත් ඒ කාලේ ආතල් ගත්ත උන්ට ආපහු අතීතෙට මාත් එක්ක පොඩ්ඩක් යන්න.
කොල්ලෝ ඔක්කොම හිටිය ඉස්කෝලෙක හිටිය අපිට බෙහෙතකට හරි කෙල්ලෝ බලන්න තිබ්බේ ටියුෂන් එක විතරයි. නියගෙට වැටෙන වැස්ස බලන්න වගේ ටියුෂන් එකට ගිහින් කෙල්ලෝ දිහා බලන් ඉදලා අහිංසක ඒකපාර්ශවික ආදරයක් හදාගෙන යාන්ත්‍ර විද්‍යාව පොත පැත්තක තියලා ඒ කෙල්ලගේ නොම්බරේ ගන්නේ කොහොමද කියලා මාර ප්ලෑන් ගහපු කාලයක් අපිට තිබ්බා. කියන්න සන්තෝසයි එහෙම නොම්බරේ ඉල්ලුවම ඒ කාලෙම දොස්තරලා ඉංජිනේරුවරියන් වෙලා හිටිය කෙල්ලෝ ලේසියෙන් නොම්බරේ නම් දුන්නේ නෑ. දුන්නත් දුන්නේ ගෙදර එක අහවල් වෙලාවෙන් පස්සේ කතා කරන්න කියලා.
ඒ ටික එහෙම කර ගන්නත් කලින් ඒ කෙල්ල එක්ක කතා කරන්න වින්ද දුකක්.ඈතට මල් පෙරහැර වගේ තිබ්බට ලගට ගිහාම තමා ඔක්කොම තොයිල් නටන්න සෙට් වෙන්නේ.පන්තේරු නැටුම් විතරක් නෙමේ දහ අට සන්නියම හිත අතුලේ නටන්න ගන්නවා. කකුල් දනිස්සෙන් පහළ පණ නැතිවීම, දහ පාරක් ටොයිලට් ගියත් එවලේට මාර චූ බරක් දැනීම. AC තියෙද්දිත් අස්වාභාවික ලෙස දාඩිය දැමීම, කතා කලත් වචන පිට නොවීම වගේ අමුතු රෝග ලක්ෂණ පහල වෙනවා. කතා කරන්නම වගේ ගිහින් ආපහු හැරිලා ආපු වාර සෑහෙන්න වැඩී. ඒ කෙල්ලට එපා වෙලා අදවත් මූ කතා කරයි කියලා මල පැනපු වෙලාවලුත් තිබ්බා. ඒවා නැතුව Full Confidence තිබ්බ කොල්ලොත් අපි අතර හිටියා. (උන් හැබැයි ගොඩ දෙනා දැන් බැදලා)
බොරුවට ඉස්කෝලේ වාර විභාග ප්‍රශ්න පත්තර කෙල්ලන්ගෙන් ඉල්ලලා ඒවා දුන්නාම ඒ මගේ කෙල්ල කියල වෙනම බොරු පම්පෝරි ගහපු සෙට් එකකුත් හිටියා.
උඹ අද මේකිත් එක්ක කතා කලේ නැත්තන් අපි උඹත් එක්ක කතා කරන්නේ නෑ කියලා මිත්‍රත්වය පරදුවට තියලා දරුණු ලෙස Motivate කරලා සක්යා පඩිපෙළේ මාව තල්ලු කරපු කලණ මිත්‍රයෝ මට හිටියා.
එකම මනෝ කෙල්ලට ගහ මරා ගත්ත කොල්ලෝ ඉන්නකොට , ඒ කෙල්ලට හෙමිට ටෝක් කරලා ගොඩ දාගත්ත කොල්ලෝ හිටියා. ඒ කාලෙම ලව් පටන් අරන් ඔතාගෙන පතාගෙන අරන් යන අප්‍රතිහත, අදටත් නොකැඩුණු Love Story ත් ඔය අතර තියනවා.කෙල්ලන්ගෙන් බූට් කාලා ඒවායින් පාඩම් ඉගෙන ගෙන මාරම තැන් වල ඉන්න කොල්ලොත් ඉන්නවා.
මේ ඔක්කොම මතක් උනේ මල් පෙරහැර සින්දුවත් එක්ක. තාමත් නිල් ටයි, කහ ටයි, දම් ටයි මතක් වෙද්දී මගේ හිත නලියනවා. මල්ලිව ගන්න සමහර වෙලාවට සක්යා එකට යද්දී හිත ඩෝල ගහනවා. 18 කොල්ලෙක් වෙන්න තිබ්බා නම් හිතෙනවා.කෙල්ලන්ව එක්ක යන්න ආපු අම්මලට ඒගොලන්ට හොරෙන් අපි දුව පස්සේ යන හැටි කියන්න හිතෙනවා, ඔහොම පස්සෙන් හිටියට කෙල්ලන්ගේ හැටි මෙහමයි කියල කියන්නම හිතෙනවා. අසහකරී හිත Nostalgia මතකයෙන් පිරිලා. මනෝ පාරක් ගහන් ඔබ මහද පුරා ඇවිදින සුව විදින්න හිතෙනවා.. හා හා..එහෙමයි මේ සින්දුව මට මතක පදයක් උනේ.
ප.ලි ඒ අස්සෙම මේක ලියද්දි මතක් උනා තව නොලියම ඉන්න බැරි සිද්දියක්, මමත් දර දිය ඇදලා දන්න උපදෙස් දීලා ගොඩ දාන්න නොසැහෙන ගේමක් දුන්න යාළුවෙක් ලයින් දාපු කෙල්ලෙක් අනේ ලගදි වෙන කොල්ලෙක්ව කසාද බැන්දා (දන්නෝ දනිති). ඌටත් මෙයින් හිත හදා ගැනීමට හැකිවේවා.
සින්දුව මෙතනින්. ඔබේ සුන්දර පාසල් මතකත් අලුත් වේවි කියල මම හිතනවා.
නැවත ලියන තුරු ජය වේවා!
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s