Colombo කලම්බො

කොහෙවත්ම නොගිහින් ගෙදර ඉන්න කියල හිතපු දවසකම power cut එකක් හවස් වෙනකම්ම. කරන්නත් දෙයක් නැතුව ඉන්න කොට අතට අහු උනේ මොහාන් රාජ් මඩවලගේ “කලම්බො”. මොහාන් රාජ් මඩවල කියන්නේ වෙනස්ම ශෙෙලියකින් තමන්ගේ නවකතා ලියන්නෙක්. “මාගම් සෝලියෙ” ඉදන් අද “කලම්බො” වන තුරු නොවෙනස්ව එම ශෙෙලිය ගෙන එනවා. සමහර වෙලාවට දිරවන අනෙත් වෙලාවට මොන මගුලක් ලියලද මන්දා කියලා හිතෙන තරම් ඔහුගේ ලේඛනය පරාසගතයි, ඒ වගේම රසවත්. ඉතිහාසයේ කාල වකවානුවක් භාවිතා කර ඒ කාලයේ  සමාජයයේ පැතිකඩක් අලලා රසවත් කතාවක් ගොතන්න ඔහු දක්ෂයි. එහෙම ලිව්ව “ආදරණීය වික්ටෝරියා” මම කැමතිම නවකතා වලින් එකක්.
මම පෙර සටහන් ලියූ “යකඩ සිල්පර” වගේම “කලම්බො”, නවකතාවත් යටත් විජිත සමය අලලා ලියවුනු පොතක්. ඉතිහාසයේ සිදුවූ සත්‍ය සිදුවීම් එකතු කර ඒවා පසෙකින් තබා ගනිමින් මඩවල 20වන සියවසේ මුල්  භාගයේ ඔහු හදුන්වන “ග්‍රාමීය කොළඹ”  ජීවත් වූ මිනිසුන්ගේ ජීවිත පැතිකඩක් “කලම්බො” තුලින් ගෙන එනවා. නවකතාව මුලදී එක චරිතයකට නවකතාව කේන්ද්‍ර නොකර විවිධ චරිත හරහා ඔවුන්ගේ කොළඹ මැදිහත්වීම කතාව තුලින් ගම්‍ය කරනවා. පසුව කතාව අග වන විට එලිසබෙත් නම් තරුණිය දෙසට දිව යනවා.
මොහාන් රාජ් මඩවල ඔහුගේ පෙර නවකතා වගේම මෙහිද ඔහුගේ ලේඛනයට Magical Realism භාවිතා කරනවා. මෙය සැමවිටම ලාංකීය නවකතා කියවන්නට Controversial එසේත් නැත්නම් මතභේදාත්මක කාරණයක් වනවා. ලෝක සාහිත්‍යයේ මෙම යථාර්තවාදී මායාව භාවිතා වූවත් අපට එය තරමක් අලුත්. එම නිසාම ඇතැමුන් මඩවලගේ පොත් තෝරා ගැනීමට මැලි කමක් දක්වනවා. නමුත් මම එය මඩවලගේ iconic writing style එකක් විදියට දකිනවා. ඔහු එය තමන් කතාවේ කියන්නට හදන හරයට බලපෑමක් නොකර ඉතා හොදින් භාවිතා කරනවා.
කෙසේ වුවත් මෙහි එන්නේ අද අපි කොළඹ කියා ගන්නා ගෙන්නදගම් පොළොවේ එක්තරා වකවානුවක ජීවත් වූ මිනිස් සමූහයේ කතාවක්. කොළඹ කොටුව ආශ්‍රිතව ඇවිදපු කෙනෙක්ට එදා සහ අද හොදින් මවා ගන්න පුළුවන්. නවකතාව පුරාම එන හැම සිදුවීමක්ම වාරණය නොකර එම සිදුවීම් දිහා වෙනස්ම කොණයකින් බලන්න ලේඛකයා ආරාධනා කරනවා. විශේෂයෙන් ජපනුන් ලංකාවට බෝම්බ දැමීම සමග කොළඹ ජන ජීවිතේ සිදුවුණු විපර්යාස, මේ නවකතාවේ එන සිදුවීම් අතරින් මගේ අවධානය ගත් සිදුවීමක්. එසේ අතීත කොළඹ මිනිස් සහසම්බන්ධතා සිදුවීම් පෙළක් අපූරුව ගෙනා වූ නවකතාවක් ලෙසට “කලම්බො” හදුන්වන්න පුළුවන්.
අවසාන වශයෙන් මම මේ නවකතාවෙත් ගෙන එන ආචාර්ය ආර්. එල් බ්‍රොහීර්ගේ සටහන් උපුටනවා

“අද කොළඹ පිටකොටුවට පිවිසෙන කවුරු, මෙය වරෙක විලාසිතාකාරී හා විවේකී නේවාසික ඉසව්වක් යැයි විශ්වාස කරත්ද?
හැගීම්බර වන මම, එය එසේ වී යැයි විශ්වාස කරමි. එයට හේතුව මා ඒ ප්‍රදේශයේ ජන්මලාභය ලැබූ කෙනෙකු වීමයි.
එකළ එහි අත්‍යලංකාර උද්‍යාන සහිත මනහර නිවාස විය. පොදු මුදුන් වැටියකින් එල්ලා වැටුණු වහලක් යට තැනුණු, තනි මහලින් යුක්ත ‘විලා’ නම් නිවාස පේලිද විය. ඒ අගනුවර සිසිලසින්ද, සෙවණින්ද, පිරිසිදු බවින්ද පිරි කාලයකි.” – ආචාර්ය ආර්. එල් බ්‍රොහීර්

දියවන්නාවෙන් මාළු බා රාජගිරිය වැලිකඩින් පැමිණ බොරැල්ල කනත්ත ලග වෙලේ කඩෙන් තේකක් බී බෝගල මිනිරන් ගබඩාව පසුකර කරත්ත පාර දිගේ ඇවිද ගෝල්ෆේස් යන සැටිත් GOH එක ලගින් ට්‍රෑම් කාරයක නැගී කයිමන් දොරකඩ බංගලාද පසුකර තොටළග බැස ටෙස් කඩල කා රා කට්ටක් බොන සැටිත්, “කලම්බො”  කියවා  රූපයට මවා ගන්නට මම ඔබට ආරාධනා කරමි. එදා කොළඹ එසේ වන්නටම ඇත.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s