Maska

සමහර චිත්‍රපට බලන්න mood එක හරි යන්න ඕනේ. විශේෂයෙන්ම කෑම ගැන තියෙන movie එකක් නම් ළඟ කෑමත් තියනව නම් තමා එකේ නියම feeling එක එන්නේ. ඒ වගේ හොඳ ඉර බැහැගෙන යන හවසක කිරිතෙකක් බිබී ඉගුරු බිස්කට් එකක් කකා බලන්න පුලුවන් film එකක් තමයි Maska කියන්නේ.

අපි හැමෝටම කියන්න කතාවක් තියනවා. අපි ඒ කතාව කාත් එක්ක හරි බෙදා ගන්න උත්සහ කරනවා. මිලියන 20 ඉන්න මුම්බායි නගරයටත් ඒක එහෙමයි. හැමෝටම කියන්න වෙනම කතාවක් තියනවා. මේ film එකේ එක තැනක අහනවා.
“What makes us human ?”
“Its our ability to tell Stories”

මේක මුම්බායි නගරේ තියන පුංචි Iranian Cafe එකක් ගැන කතාවක්. පරම්පරාවෙන් පරම්පරාවට දායාද වෙන මේ cafe එක දැන් කරගෙන යන්නේ අම්මා කෙනෙකුයි පුතෙකුයි. මේ අම්මගේ එකම ආසාව පුතා එයාගේ තාත්තා වගේම පරම්පරාගත cafe එක භාරගෙන දියුණු කරනවට.
ඒත් පුතාගේ ඔලුවේ දුවන්නේ වෙන හීනයක්. ඒ හීනය කවදා හරි ජනප්‍රිය නළුවෙක් වෙන්න. දෙන්නගෙම හීන ඒමේ අත දුවද්දී පුතා අම්මගේ හීනය පැත්තකින් තියලා තමන්ගේ නළු හීනය පස්සෙන්ම යනවා.
Rumi කියන මේ පුතාට එයාගේ නළුවෙක් වෙන්න උදව් කරන්න Mallika හම්බෙනවා. පස්සේ දෙන්නම එකතු වෙලා නළු හීනය සෑබෑ කර ගන්න උත්සහ කරනවා. එත් ප්‍රශ්නේ වෙන්නේ Rumi කොච්චර Auditions වලට ගියත් කිසිම අවස්ථාවක් නොලැබීම. එක දවසක Rumiට හම්බෙන Film Director කෙනෙක් එයාගේ film එකට Invest කලොත් ඒ කෙනාව ප්‍රධාන නළුවා කර ගන්නවා කියනවා. එතන ඉදන් Rumiගේ ඔලුවේ දුවන්නේ මේ Film එක. Rumi ගේ කල්පනාව cafe එක විකුණලා හරි ෆිල්ම් එක කරන්න.
මෙහෙම කතාව යද්දී Rumiට Persis මුණ ගැහෙනවා. Persis, Rumiට ටික ටික මේ cafe එක පුරාවට රැදුණු පුංචි පුංචි කතා කියලා දෙනවා. Rumi දන්නේ නැති Cafe එකේ වටිනාකම Rumiට කියල දෙන්න උත්සහ කරනවා, එකත් එක්කම එහෙ මෙහෙ විසිරිච්ච තමන්ගේ Passion හොයා ගන්න Rumiට උදව් කරනවා.
කොහොම උනත් අන්තිමට Rumi අම්මට හොරෙන් cafe එක විකුණලා නළු හීනය හැබෑ කර ගනීද ? එකට Film එක බලන්න වෙනවා.

මේ ෆිල්ම් එක පහුගිය මාර්තු 26 Netflix වල Release උනා. Manisha Koirala අම්මගේ චරිතය රගපාමින් කාලෙකට පස්සේ දකින්න ලැබෙනවා. ඒ වගේම Javed Jaffrey ත් Kabir Singh Film එකේ හිටපු Nikita Dutt ඇරෙන්න අලුත්ම මුණු ගොඩක් ෆිල්ම් එක පුරාවට දකින්න ලැබෙනවා. අධ්‍යක්ෂ Neeraj Udhwani පුංචි සරල කතාවක් අපූරුවට තිරයට ගේනවා.

මම කලිනුත් කිව්වා වගේ ඉන්දීය සිනමාව Netflix ඇතුලේ පිනුම් ගහනවා. අහුවුනොත් ලගදි ආපු Guilt film එකත් බලන්න. ඉන්දියාව Netflix,Amazon Prime, Hulu වගේ International Streaming Service එක්ක කරට කර සෙල්ලම් කරද්දී අපි කවද්ද Digital Platform එකකට එන්නේ කියල මම හීන දකිනවා. අපි හැමෝම ළඟ තියෙන පුංචි පුංචි කතා ටික මේ වගේ නිදහසේ කියන්න තිබුන නම් කියල හිතුනා. නෑ ඒ දවස ඉක්මනට ඒවී එහෙම සුභවාදීව හිතමු. Maska Trailer එක පහල ඇති. හැබැයි ක්‍රීම් බනිසක්වත් නොකා නම් බලන්න එපා …  අන්තිමට කියන්න තියන්නේ
හීන දකින්න
හරි හීන හොයන්න
හීනයේ වෙහෙසෙන්න
එන දවසක් තියෙයි හීන හැබෑවෙන.

නිසාචර ස්‌වයං කොරන්ටීනයේ සිට

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s