අක්ෂරයේ ඇරියස් ඇන්ටික් කඩේක මරණයකින් කෙළවර වීම.

අපි හැමෝටම ඇරියස් එකක් තියනවා. FB එකෙත් හැමවෙලේම තියන්නේ 2000 පස්සේ උන් මේවා දන්නේ නෑ, අපි ඒ කාලේ මෙහෙම කළා අරම කළා දැන් ඉන්න එවුන් මොනවද දන්නේ ගගා වැලලෙන්න හදන. අපි හැමෝම ජීවත් වෙන්නෙ අහු කරගන්න බැරි උනු ඇරියස් ගොඩක් එක්ක. එත් මම කැමතී දියවෙච්ච අතීතයකට නිර්වචන දිදී ඉන්නවට වඩා අද ගැන හිතන්න. අද බැරි නම් අඩුම ගානේ හෙට ගැනවත් හිතන්න.

මම “ඇනිටික් කඩේක මරණයක්” මතුපිටින් දකින්නේ එහෙම. ජනගත නොවූ “අක්ෂර” යේ ඇරියස් එක අශෝක හඳගම “ඇනිටික් කඩේක මරණයක්” තුලින් ගේනවා Prequel එකක් වගේ සමාජ ගත කරන්න. අපි ඇත්තටම අක්ෂරය හරියට විග්‍රහ කර ගත්තාද කියලා මම දන්නේ නෑ, මොකද අක්ෂරය ආපු කාලේ අපි ඒක බැලුවේ වෙන ආතල් එකකට නිසා. කොහොම උනත් කතා නායකයා වේදිකාවේ කතාව කියනකොටම මගේ ඔළුවට ආවේ අක්ෂරයම නේද කියලා.

මේක ටිකක් වෙනස් අත්දැකීමක්. සජීවී රඟපෑමකට සුදානම් වේදිකාවක චිත්‍රපටයක් ? එත් පාරවතීගේ තනේ උරණ පොඩි එකාවත්, පිස්සියක් වගේ බඩු පොළොවේ ගහන ගෑනියෙක්වත් හිතින් මවා ගන්න බැරි තරම් මෝඩ ප්‍රේක්ෂකාගාරයක් කියලා අක්ෂරයේ කෑලි Cyclorama එකට ප්‍රොජෙක්ට් කරන්න ඕනේ කියලා මම මොහොතකටවත් හිතන්නේ නෑ.ඒක අලුත් දේකට එහායින්, සජීවී රංගනයක් බලන්න ආපු ප්‍රේක්ෂකයින්ට ගහපු අපහාසාත්මක කම්මුල් පාරක් විදියට මම දැක්කේ. ඒ වගේම මට පෙනුනේ වේදිකාවේ සජීවී බවට බාධා කරන අනවශ්‍ය Distraction විදියට. කොහොම නමුත් මම මුළු කතාවම මෙතන දිග අරින්නවත්, නිර්මාණකරුවාව ගරහන්නවත් සූදානම් නෑ. එත් මට තේරුණ විදියට, මට දැනුන විදිය මෙතන තියේවි.
අශෝක හඳගමයන් ලිංගිකත්වයත් එක්ක මේ සමාජයේ බැදීම් ගැටගැහීම් ගොන්න ලිහන්න උත්සහා නොකරම ගැටගැහිලා තියන විදිය අමුවෙන්ම වේදිකාවට ගේනවා. කිසිම රාමුවකට කොටු නොවී අමුවෙන්ම මරණයත් රමණයත් වේදිකාවට ගෙන එනවා.දෙදෙනෙක් අතර ඇති sexual tension එක ප්‍රේක්ෂකයාට දන්වන්න තරම් නිර්මාණකරු සමත්. ඒ වගේම පරපීඩකත්වය, බලහත්කාරය විචිත්‍රවත් කරලා ජුගුප්සාජනක ආශ්වාදයක් එක් කරන්න හදනවා, සජීවී වේදිකාවක ප්‍රේක්ෂකයන් ඒ දේට සූදානම්ද කියලවත් අහන්නේ නැතුවම.

ඒ සේරමටම වඩා සමාජ යථාර්ථයේ යටිබිම්ගත ලිංගිකත්වයේ දේශපාලනික සමාජීය මුහුණුවර වේදිකාවේ රංගනය පුරාවටම ගැබ් වෙනවා. අධිරාජ්‍යවාදීනට එරෙහිව සටන් පාඨ කියන අභීත උන් ලිංගික කුහකත්වය ඉදිරියේ දෙදන නමා හඩා වැටෙන හැටි දැක්කම ලංකාවේ සමාජ ව්‍යාපාර කොච්චරක් ලිංගික කුහකත්වය ඉදිරියේ දියවෙලා යන්න ඇතිද කියලා මට හිතුනා. ජීවිත කාලයක් පුරාවට උත්සහ කරපු හැබෑ නොවුණු හීන, අහිංසක කපටිකම් මවා පාලා ලිංගිකත්වය මූලිකයෙන් සපුර ගන්න මිනිස්සුගේ ඇත්ත “ඇනිටික් කඩේක මරණයක්” අස්සේ හම්බෙනවා.

“ඇනිටික් කඩේක මරණයක්” අතිශයින්ම සජීවී අත්දැකීමක්, නිතරම නාට්‍යත් එක්ක සහසම්බන්දතා පවත්වන සංගීත කණ්ඩායම ඊට හොඳම උදාහරණයක්. සෞමය ලියනගේ ඇතුළු නළු නිලි කැළ ප්‍රේක්ෂකයා වරෙක සිනාවේ ගිල්වලා තවත් වරෙක හිත කඩා ඉහිරවන භීතියට ගේන තරම් විශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කරනවා. චින්තක ජයකොඩිගේ සංගීතය මට කවදත් අවිවාදාත්මකයි. ඒ සංගීතයෙන් නාට්‍යයේ හැගීම් මොහොතින් මොහොත තීව්‍ර කරනවා මිසක් එක තත්පරයකට එහෙ මෙහෙ ගෙනියන්නේ නෑ( ගිටාර් එකේ volume එක කරක කරක feedback එකකින්නුත් feel එකක් ගන්න දන්නේ චින්තකම වෙන්න ඇති). පසුතල, ආලෝකකරණය වගේම එහෙන් මෙහෙත් Phone ring උනු හරි busy බූරුවන් දෙතුන් දෙනෙක් ඇරෙන්න හික්මුණු ප්‍රේක්ෂකාගාරය අවුරුද්දකට පස්සෙත් වේදිකා නාට්‍යක් නැරඹීමේ ආශ්වාදයජනක අත්දැකීම යලි යලිත් මට ගෙනාවා.

අවසාන වශයෙන් මගේ හෘදයාංගම ආදරය නුවන් සහෝදරයාටය. මම මෙහෙම ලියන්නේ ඌ මං පොඩි කාලේ ඉදන් දන්නා එකාය, එකට පන්තියේ හිටපු ආනන්දේ අපේ එකා නිසාය. දන්න කාලේ ඉදන් ගහපු, වෙන්ට් එක පුරා රැව් දුන්න උගේ Trumpet පාර අද වෙනදාටත් වඩා Sharp ය, රහය. Harmonium හඩ මෘදුය,පපුව උණු කරන තරම් ලයාන්විත්ය.ඒවගේම Cameo පාරවල් ටිකත් මරුය. ඔලු ගෙඩි අස්සෙන් මට කෙලින්ම උඹව පේන තැනක හිටිය හින්දා මම දැක්කේ ඇස් පියාගෙන උඹම feel වෙමින් play කරනා අපූරුවය. උඹ ඉන්නේ උඹට උරුම හරිම track එකේ කියලා මට දැනුනේ එවලේය. දිග ගමනක් යන්න උඹට ජය මචං.

කොවිඩ් අස්සෙත් risk එකක් අරන් නාට්‍යක් කිරීම ප්‍රශංසනීයය. ඊට සහයෝගයක් වශයෙන් නිර්මාණය නැරඹීම ඔබට බාරය. නොතේරුණත් මල පැන්නත් නිර්මාණකරුට ඔහුට හිමි තැන දෙන්න.නිර්මාණයක් කිරීම කට්ට වගේම ඇම්ම දන්නේ නිර්මාපකයාම පමණය. ගොන් නිර්මාණ ගොඩක් එක්ක මෙහෙම නිර්මාණ බිහිවීම මම දකින්නේ සර්ව සුභාවදීවය. කෙසේ හෝ ඇරියස් කවර් කරන්න හරි නැතුව හරි අමාරුවෙන් දිරව ගන්න “ඇනිටික් කඩේක මරණයක්” අපට ගෙනා හඳගමයානෙනි ඔබට ජය.  

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s