මල් පෙරහැර බැලීම

රස මතකයක් ආපහු මතක් කරන්නයි මේ ලෑස්තිය. තාමත් රේඩියෝ එකට කන් දෙන්න ආස හින්දා ටික දවසකට කලින් සිත fm එකේ මතක පද වැඩසටහන අහන්න ලැබුණා. ඒ දවසේ ඇවිල්ලා තිබ්බේ උපුල් ශාන්ත සන්නස්ගල. කොහොමත් මිනිහගේ පණ්ඩිත කතා අහන්න ආස හින්දා වගේම, එයා තෝරන සින්දු වල මතකයන් අපූරු වෙයි කියල හිතුන හින්දා බොහොම ආසාවෙන් හරිබරි ගැහිලා ඒ …

Continue reading මල් පෙරහැර බැලීම

ආයෙමත් ඇවිදින් !

අවුරුදු දෙකකට විතර පස්සේ ආයිත් ලියන්න ගත්තා. අහේතුක විරාමයට යන්න හිතල නෙමේ කලින් පටන් ගත්තේ ඒත් විවිධාකාර විෂමාකාර දේවල් එක්ක අපිටත් නොදැනීම විරාම ගන්න සිද්ද වෙලා. ජීවිතේ හරියට ගලාගෙන යන ගගක් වගේ , මහ වැස්සට මඩ පාටින් බොර වෙන ඉඩොරේදී වේලිලා හිදෙන අනුන්ගේ උවමනාවට ඒ මේ අත පෙරලෙන, හුස්මක් ගන්නත් කලින් මහ මුහුදට වැටිලා නවතින …

Continue reading ආයෙමත් ඇවිදින් !

තටු නැතිව ඉගිලීම

ඉගිලීම හීනයකි, ඉගිලීම ආශ්වාදයකි, එහෙම හිතුව ගොඩක් දෙනෙක් ඉස්සර ඉදන් හිටියා. පුංචි කාලේ අපිට කිව්වේ රාවණා කියලා මහා බලසම්පන්න කෙනෙක්ටත් පියාඹන යානා තිබ්බා කියලා.ඒවාට කිව්වේ විමාන කියලලු දඩු මොනරයත් ඒ වගේ විමානයක්. මම රාවණා රජතුමා ගැන වෙනම දවසක කතා කරන්නනම්.  මිනිසා කියන්නේ පොළොවේ ජීවත් වෙන ගොඩබිම් සත්වයෙක් ඉගිල්ලෙන්න තටු නෑ. එත් එහෙම කියලා පස්සට නොයා …

Continue reading තටු නැතිව ඉගිලීම

අළුත් පෑන

නැවුම් දවසක උදේ පාන්දර. හිතුවේ ටිකක් උදේම ඇහැරුණාම අලුත් බ්ලොග් එකේ දාන්න දෙයක් ඔලුවට එයි කියල. හොද ස්ට්‍රොන්ග් තේ එකක් ගැහුවත් මෙලෝ මලදානයක් වත් මගේ ඔලුවට නම් අවේ නෑ. මොනවා කරන්නද ඉතින්….. කරන්නම දෙයක් නැති තැන මම ගියා මගේ හීන ලෝකෙට , වැඩි ඇතක නෙමේ කාමරේ තියන පොත් කබඩ් එකට. එකේ තියනවා මම එදා මෙදා …

Continue reading අළුත් පෑන

නිශාචර අවකාශයට

ආයුබෝවන් කිව්වා ! කලින් දවසේ සාලේ තිබ්බ කනප්පුව අද කාමරයට ඇවිල්ල අලුත් වැඩක් පටන් ගන්න,මල් තට්ටු තියල ආරාධනා නොකෙරුවට බ්ලොග් එකක් ලියන්න ලියන්නේ නැත්තේ ඇයි කියල අහපු අය ටික දෙනෙක් හිටියා. තුන්කල් බල බලා හිටියා මිසක් එහෙම එකක් පටන් ගන්න හිතක් තිබ්බේ නෑ. ඇඹලයා පැනිරසට ඇදෙනවා වගේ මේ ප්‍රනීත සයිබර් අවකාශයට ඇදෙන්න මට උවමනාවක් තිබ්බේ …

Continue reading නිශාචර අවකාශයට