ඇබ්බැහිකම් ….

උරහිසේ හිස තියන් ආදරේ ඉල්ලනා තරම් දුටුවේ නුඹේ දෑසක කෙටි පතුලක් ප්‍රේමයේ මං අකීකරු සිතක නලියනා නොහික්මුණු කම් දුටුවේ නුඹේ දෙතොලතර සිරවූ විටදී පෙරදා වතාවක් වාවනු තරම් බැරිව උතුරනා නුඹේ දඟකාරකම් රැදුනේ මගේ හිතපුරා නිදිගත් විටදි ලය මතම වරුවක් ගෙවී ගිය කාලයක මතක අමතක බව මෙතරම් දැනුනේ හිරු දුටු විගස නුඹේ කෙහෙරැල්ලෙන් මං විදගන්න විදවන්න නුඹ …

Continue reading ඇබ්බැහිකම් ….

Sponsored Post Learn from the experts: Create a successful blog with our brand new courseThe WordPress.com Blog

Are you new to blogging, and do you want step-by-step guidance on how to publish and grow your blog? Learn more about our new Blogging for Beginners course and get 50% off through December 10th.

දම් රැජිණ..

තහංචි කන්දක්ද නුඹ වගක් නැති මගේ ගති දෙඇස් ඇති බැලුම් නැති දෙතොල් ඇති හාදු නැති කියුම් ඇති වදන් නැති හැඟුම් ඇති හිතක් නැති පෙමක් ඇති මටත් නැති... දිනක් එති රවන් නැති පෙමක් ළඟ හිදිනු ඇති ඉදන් හිද බලනු ඇති ලැබෙන තුරා මමත් ඇති දමා ගියොතින් අදත් බස්එක ගෙදර යන්නට මගක් නැති...  

ආදරේ පාඩම්

පිනි වැටුණු හැම හිමිදිරියකම ජීවිතය සොයන්නේ නුඹෙන් නම් ආදරේ පාඩම් අදත් කියාදෙන්න හමුවෙන්න ඉඩක් ඇතිදෝ සුදු සිනිදු ඇතිරිල්ල යට හීතට ගුලිවෙන්න, ගුලිව ඉගිලෙන්න සොයන්නේ උණුහුම නුඹගෙන්ම නම් ආදරේ අපූරු කතන්දර මතකයි හැමදාමත් තුරුලේම හිද කියාදෙන පාළුවට ගිය මංතලා මැද සොයන්නේ හදගැස්ම නුඹගේම නම් මිමිණු වදන් මතකයි කියූ විරාමගත ස්පන්දන ගොන්නක් මැද විසිරුණු ආදරෙන් හද සැනසුම් …

Continue reading ආදරේ පාඩම්

රතු විහිළු

ඔය තරමටම අහංකාර බැල්මෙන් මා දවාලන නපුරුයිද මේ තරමටම ආදරේ පුංචි විහිළුවකට ඇහිපිල්ලමක් යට කඳුළු කැට එක දෙක වැටෙන කොට එක ලග කොහෙන්දෝ කදුළු ඔය තරම් අඩන්නට තරහින්ම ළගට විත් හිදිනවානම් ඇස් වහන් අහන් ඉන්නවනම් රතු කම්මුල් මගේ දෙතොල් මත නම් කාරණා ගොඩයි කියන්න ආදරේ නම් කිරා මැන ආදරය මනින්නට ගන්නට පුළුවන් ලොකුම මිනුම ගෙන …

Continue reading රතු විහිළු

තිත්ත කෝපි

උඹ ආසම මතක කළුම වුනු උරුම උනු සීරුණු හද අදුරු තිත්ත කෝපි දෙතොලේ නිතර සිරවුණු තාමත් විදුලියක් උඹ අදුර මැද කෙටුණු කළු හීනයක්, උඹ අහම්බෙන් දුටු හමුවන්න කළුවර මුල්ලකට කොටුවුණු අදුරු කතාවක කෙටිම පටුනක් වුනු මහ මේඝයක් මැද මා තුලම සිරවුණු හීතල හිතත් උණුසුමක් සෙවුනු වැහි දෝර තනිවම මට හමුවුණු හැගුම් ගොළුව කළු සෙවණැලි පැටලුණු …

Continue reading තිත්ත කෝපි

දැකලා පුරුදු කෙනෙක්

පරණ කතාවක් එත් නොලියා ඉන්න තරම් මම ලෝභයි. සමාජ දේශපාලන කාරණා එක්ක ඔලුවට ඇදිරි නීතිය වැටිලා.ගොළු වෙලා ඔහේ බලාගත්ත අතම. මේ සංක්‍රාන්තිය අහවර වෙන්න තව ටික දවසක් යයි. ඒ අස්සේ අයෙමත් මං ලියනවා, ටික දවසකට කලින් බලපු කතාවක මතකය අලුත් කරගෙන. මලිත් හෑගොඩගේ "දැකල පුරුදු කෙනෙක්"  4.30 රීගල් එකේ බැලුවේ මාස දෙක තුනකට කලින්. සිංහල …

Continue reading දැකලා පුරුදු කෙනෙක්

තටු ඇවිල්ලා… ආදරයට

තහනම්ද ? ඉගීලී ඇවිත් කියා යන්න.. හමුවනකම්ම තද කරන් ඉන්න හිරවෙලා තෙරපිලා නුඹ දන්නේ නැති තරම් මගේ ආදරේ නුඹට.. එනකම්ම මග බලන් නිනව් නැති හිත තෙපලනවා කියා ඉගිලෙන්න මගේ ආදරේ තරම .......

දුමායන නිද්‍රාව

දුමායන නිද්‍රාවක ඉපදී දිලී නිවෙනා ගිණි පුලිඟු මැද හිත සීරුවට තබන් පපුව පිරෙව්වේ උඹෙන් මම.. අළු බදුන් උඩ එකා පිට එකා වැටී හිස් ෆිල්ටර් කදු නැගෙද්දී මීදුම අතරින් මම දුටුවා හීනියට උඹ මතකයේ.. හුස්මින් හුස්මට විරාම ඝටිකාවක් නැතත් හිත පිරෙන්නම ඇද්ද හුස්ම පපුව හූරලාම පිටකලේ උඩු හුළගට පාවෙලා යන්න උඹට මගෙන් ඈතටම දුර අහසේ..

පාව යමු හමුවන්න

පාව යමු හෙමිහිටම සැඟවිලා  මුළු ලොවට හමුවන්න ආදරය, නුඹ හා මා අතර තිබේ නම් මහා ගගණ තල නැගෙමින් වළාවෙන් වලාකුළු මතට එමි කෙසේ හෝ නුඹ දැකගන්න නුඹ හා මා තැනූ මේ විසල් අහස මත හමුව සැනසෙමු දිනෙක එනතුරා මා පාවී හෙමිහිටම බලා හිදිනු මැන හැමදාම දුර ඈත අහස් කුස...

රටම සනසා ගම එන්න හිමියනි යලි වතාවක් ……

ඇවිලුනා ගින්දරක් පපුව මැද්දෙන් යළි වතාවක් බියක් දැනුණා නුඹ ගැනම හීතල මගේ හදට පෙරසේම වතාවක් රිදෙන තරමට උරපත්ත තුරුළු කරගෙන අවිය යනෙනු දුටුවා නුඹ යළි වතාවක් ගම නොයෙන දා උදා වූවා දින සති ගණන් යළි වතාවක් නිදි නැති නුඹ හාම නොනිදා පහන් වන රැයන් එළඹුනා යළි වතාවක් අමතකව උන් නුඹව මතක් වූවා නිදා උන් රටට ජාතියට …

Continue reading රටම සනසා ගම එන්න හිමියනි යලි වතාවක් ……